Blogger Widgets

Tuesday, October 16, 2012

එපා කදුලැල් සලා

එපා කදුලැල් සලා
හඩන්නට ඔබේ නෙත
මල් සුවද ගලා
සිපගනී ඔබේ රුව...

එපා සුසුමන් සලා
රිදවන්න ඔබේ හද
සියොත් කැල ගි ගයා
සතපවයි ඔබේ සිත
සතපවයි ඔබේ සිත...

එපා කදුලැල් සලා
හඩන්නට ඔබේ නෙත ...

ආදර හැඟුමන් සලා
මිරිඟුවක වෙලෙන්නෙපා
ඔබේ හද පුදසුනේ
හිමි කුමරු එන තුරා
හිමි කුමරු එන තුරා........./

කදුලැල් උහුලන්

කදුලැල් .. උහුලන්.. හිත ගැල්වූ වේදනා
විඳිමී.. රහසින්... පෙර මතකයේ ලියා..
ඔබ මෙන් තවකෙකු හා .. යන්නට හිත නැති නිසා ..
තනිවී... විඳිමී.. ආදරයේ වේදනා

කෙටි කලකදී.. මේ හිතටවී.. පෙම් හැඟුම් අවුළුවා
අහසේ සැගවී .. ඈතටමවී ..නෙත හොයයි කෝ කියා...
නොසිතු මොහොතේ .. ගියත් මා හඩවලා..
නැවත එනකම් බලා ඉන්නම් සදා ...

හඩා වැලපී.. දවස ගෙවමී ..පැතූ හීනෙට වෙලා..
හුස්ම වැටෙනා.. තුරා හිදිමී.. තවත් හිතකට නොයා..
නොසිතු මොහොතේ .. ගියත් මා හඩවලා..
නැවත එනකම් බලා ඉන්නම් සදා ...

Friday, October 12, 2012

කඩමණ්ඩියේ

කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

ගහකොල වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට පවා දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මො‍ටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම ‍මොටද ලංවී රොන් ගන්න බැරි..../////

Thursday, October 11, 2012

මේ මැයි ගහ යට... ( Me Mei Gaha Yata.)

මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා
රතුකැට වාගේ මැයි මල් පිපි පිපි
අපට සෙවන දුන්නා අපට සෙවන දුන්නා

මැයි මාසේ එක සැන්දෑ වරුවක
සීතල වැහිපොද වැටෙන වෙලේ
ආදර වියොවක් සිතින් එබෙන සඳ
වැහිපොද සේ නෙතු කඳුළු සැලේ
වැහිපොද සේ නෙතු කඳුළු සැලේ

වැහිපොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුණත් රතට රතේ
අප දෙදෙනෙක් නැත අද මා පමණයි
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ

මේ මැයි ලහ යට.....

Download ~ භාගත කරන්න

Sanda Kan Wasila - සඳ කැන් වැසිලා

සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා..
ගනඳුරු රෑ.. තනිකම නෑ..
සොයා එන්න ගනඳුර, තරු නිවලා..
මගේ එලිය, අද ඔබ පමණි..

ජීවිතයම සතු එකම සුවේ..
හී සර පහරක වෙලෙනු පෙනේ..
මේ ලොව මා සතු, ඈ සතු වේ නෙතු, අසල්වාසියෙකු සොයනු දැනේ..

සඳ කැන් වැසිලා..

මා නැත අන් සතු සිත් බිඳලා..
දෑතම බැඳගෙන හිඳිමි බලා..
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු, රහස් අහස් තලයට පවරා..

සඳ කැන් වැසිලා..


Artist : Victor Rathnayaka.

Download භාගත කරන්න

ඉකිගසා හඬන ~ අමරසිරි පීරිස්

ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්‌ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක්‌ තිබුණා

හීනෙන් හිනැහී
තුන්යම මා රවටා
මැදියම් මහ රෑ
අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම
යළි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක්‌ තිබුණා

රිදුමක්‌ වාගේ කිසිදා සුව නොවනා
සුසුමෙන් විතරක්‌
නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කඳුළුම
වගුරුවනා
මට මගේ නොවන
මගේම ආදරයක්‌ තිබුණා.....////


 Download ~ භාගත කරන්න

ගීතයක් සේ මතු වෙයන්

ගීතයක් සේ මතු වෙයන් නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන් තනිවූ විරාමෙක..//
මා හැරදම ගිය මියුලැසී.....

හෙට දිනත් පෙර මගක් අරමුණක් නැති ගෙවෙන දිවියේ
ඉසබුවක් ලෙස හෝ..
ගෙවුනු රසබර මතක මතුකර හිනැහියන්
මා හැරදම ගිය මියුලැසී.....

හිනැහෙමින් වැලපෙමින් දුටු සිතින් පෙම් පිරූ සමයේ
සලකුණක් ලෙස හෝ..
පුරුදු ඉමිහිරි සිහින සමගින් දවටියන්
මා හැරදම ගිය මියුලැසී.....

අසංක ප්‍රියමන්ත.

 භාගත කරන්න

Mix Song ~ Hit _