Blogger Widgets

Tuesday, October 9, 2012

මේ බස් නැවතුම

මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවුන හැටි දැන උන්නේ
මා තනිවුන බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ....//

ඉස්සර හවසට මා එනතුරු ඔබ
එතැනම සිටියා දෙනෙත අයා
එකම රියක නැග එකම අසුනෙ හිඳ
ගිය හැටි මතකයි තවම එදා

මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවුන හැටි දැන උන්නේ
මා තනිවුන බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ....

ප්‍රේමය නිම වුන මා අද තනිවම
රියකට මෙතැනින් ගොඩ වෙනවා
ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ළඟ
එකම අසුනෙ හිඳගෙන යනවා

මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවුන හැටි දැන උන්නේ
මා තනිවුන බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ....//

No comments:

Post a Comment