Blogger Widgets

Tuesday, October 9, 2012

හුස්මක් දුරින් ඉන්න ~ Husmak Durin - Shashika Nisansala

දුර යන්න සිතුවාට සැගවී හොරෙන් 
ඔබ නැතුව මම ඉන්නේ කොහමද ඉතින් 
වාවන්න බැරි කදුළු ආවත් නෙතින් 
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...

අවතැන් වෙලා ලැමතුරේ පෙම් හැගුම් 
හිනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
එක්වෙන්න සංසාරේ පිං මදිව නම් 
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්...
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්...

දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන් 
ඉන්නා නිසා හමුවෙන්න  බෑ අපට දැන් 
එක්වෙන්න සංසාරේ පිං මදිව නම් 
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්..
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්..

දුර යන්න සිතුවාට සැගවී හොරෙන් 
ඔබ නැතුව මම ඉන්නේ කොහමද ඉතින් 
වාවන්න බැරි කදුළු ආවත් නෙතින් 
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්..../////
     

No comments:

Post a Comment