Blogger Widgets

Tuesday, October 9, 2012

හරි හුරතල් මගේ සිතේ හැඟුම් මැවිලා

හරි හුරතල් මගේ සිතේ හැඟුම් මැවිලා
බලන් ඉන්න බෑ ඔයා දිහා
ඔය නෙත් දිගේ හැඟුමන් මැවී
මගේ සිතේ ඔයා නැවතිලා.....


මේ බස් නැවතුම

මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවුන හැටි දැන උන්නේ
මා තනිවුන බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ....//

ඉස්සර හවසට මා එනතුරු ඔබ
එතැනම සිටියා දෙනෙත අයා
එකම රියක නැග එකම අසුනෙ හිඳ
ගිය හැටි මතකයි තවම එදා

මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවුන හැටි දැන උන්නේ
මා තනිවුන බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ....

ප්‍රේමය නිම වුන මා අද තනිවම
රියකට මෙතැනින් ගොඩ වෙනවා
ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ළඟ
එකම අසුනෙ හිඳගෙන යනවා

මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවුන හැටි දැන උන්නේ
මා තනිවුන බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ....//