Blogger Widgets

Friday, September 21, 2012

මගේ හදවත හැදින ගත් ඔබ
කියූ එවදන් මට එපා
මගේම කියලා දෑතින් අල්ලා
ආදරේ කිවු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට
පැතුම් පැතු ඔබ මට එපා
මතු යළිත් ඔබ දෙනෙත් අභියස
වැරදී හෝ හමුවනු එපා

ඔබ රකින්නට සැරසුනේ මං

නා රජෙකු සතු මැණික මෙන්
ඔබේ පසුපස මා නෙතු රැදුනේ
රකින්නයි ඔබ හැම දෙයින්
ඒත් ඔබටම එපාවූවා
යළිත් එන්නෑ ඔබ බලන්න
රහසෙ කුමරෙක් සිටියෙ ඔබගේ
ඔහුව රැකු මැන සෙනෙහසින්
සසර වසනා තුරුම ඉන්නට
පැතුම් පැතු ඔබ මට එපා
මතු යළිත් ඔබ දෙනෙත් අභියස
වැරදී හෝ හමුවනු එපා

සැක කලේ ඔබ සැරකලේ මා
හදාගන්නයි හැම හොදින්
මගේ කියලා මගේම සිතලා
ඔබට බැදි ඒ ආදරෙන්
මටත් හොරා ඔබ තැනූ ලෝකයෙ
සවිමත් අතු දැන් බිදී ගිහින්
ඉතින් ලංවෙනු එපා ඔබ මට
නිමාවන තුරු මේ භවෙන්

මගේ හදවත හැදින ගත් ඔබ
කියූ එවදන් මට එපා
මගේම කියලා දෑතින් අල්ලා
ආදරේ කිවු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට
පැතුම් පැතු ඔබ මට එපා
මතු යළිත් ඔබ දෙනෙත් අභියස
වැරදී හෝ හමුවනු එපා..........///////////////

No comments:

Post a Comment