Blogger Widgets

Friday, September 21, 2012

හැමදාම හඩන සිත හදන්න ඔබ ලග නැනේ
කවුරුවත් එපා ඔබ ඇරුනම දුක දැනුනාවේ
ඉස්සර වගේ හීනෙන්වත් ඔබ එන්නෑනේ
මට විතරද දුක දැනෙන්නේ මම දන්නැනේ.....

සඳ මඩලට උපමා කර කවි ලිව් කාලේ
කාගේත් දුක දැනෙනා හිතක් ඔබ සතු වුයේ
කඳුළු බලා ඔබ අද මට හිනැහෙනවනේ
ඔබවම සිත පතනා කරුණ මම දන්නැනේ.....

නෙතු තෙමුනා මගේ මතකෙට ඔබ එනගානේ
තම හිතින් ඔබ ඇරුනම වෙන කවුරුත් නැනේ
අද නැති මුත් ළඟ සිටිදා හිත හැදුවානේ
හිත මේ හැටි අසරණ වෙන්නේ ඔබ හින්දානේ..../////////////

No comments:

Post a Comment