Blogger Widgets

Friday, September 21, 2012

බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව්කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈඳී
ගේදොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැළේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්

එතෙර කරන්නම් හතර වරිගයම
සංසාරෙන් යන මේ ගමනේ
චුටිටක් සෙල්ලම් කරලා එන්නද

පුරුදු යාළුවන් හා සැනිනේ
එහෙම ගියොත් ඒ අය පොඩි සාධු
කියා කියනවිට වැඳ වැටිලා
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා.........................////

No comments:

Post a Comment