Blogger Widgets

Friday, September 21, 2012

ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහමග සැතපෙන්නේ...
ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ......

පතන පැතුම් සුළගට මුසුවේ
මියුරු වදන් කදුලේ ගොළුවේ...//
සතුට උපන් හැම දින වැළලේ

කුමන නැටුම්දෝ දිවි මඩලේ...

ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ....

අපගෙ අහිංසක ලොව බිදිලා
ඔබද අනන්තෙක ඇත ‍රැදිලා....//
ගිණි දළු මා ගත වෙළෙනු දැනේ
ඔබ මල් යහනක හිදිනු මැනේ....

ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ...
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහමග සැතපෙන්නේ...//

No comments:

Post a Comment