Blogger Widgets

Friday, September 21, 2012

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවාට නොකියම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්....

දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුනා....

නුහුරු නුපුරුදු හීන අරන්
ලගට ඇවිදින් තුරුලු වෙමින්
ආවාට නොකියම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්....

මිරිගුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රැනේ තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුගක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුනා.....////////////////////

No comments:

Post a Comment