Blogger Widgets

Friday, September 21, 2012

දෙවට අයිනෙ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
නංගිලා ඒ මල් නෙලන්නෙ මාලයක් ගොතන්නයි
සුවද මල් වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි
මල්ලිලා එය ගෙල දමන්නෙ ආදරෙ ලබන්නයි, ආදරෙ ලබන්නයි

සියුමැලී මල් පෙතී
පාට පාටින් සැරසෙතී
ඇයි ලොවේ පිපුනෙ කියා
සුවද මල් නොඅසතී

බට ගහෙ අතු අත වනන්නේ පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ බට නෙලන්නේ බට නලා හදන්නයි
හදවතෙ සුසුමන් නැගෙන්නෙ ඒ නලා වයන්නයි
බට නලාවෙ ඒ ඇසෙන්නේ ආදරෙ කතාවයි, ආදරෙ කතාවයි

බට ගහේ සිදුරකින්
හදවතේ සුසුමකින්
නැගෙන ඒ රාවයෙන්
මියුරු වේ අප සවන්

දෙවට අයිනෙ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
නංගිලා ඒ මල් නෙලන්නෙ මාලයක් ගොතන්නයි
සුවද මල් වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි
මල්ලිලා එය ගෙල දමන්නෙ ආදරෙ ලබන්නයි, ආදරෙ ලබන්නයි

සියුමැලී මල් පෙතී
පාට පාටින් සැරසෙතී
ඇයි ලොවේ පිපුනෙ කියා
සුවද මල් නොඅසතී

සියුමැලී මල් පෙතී
පාට පාටින් සැරසෙතී
ඇයි ලොවේ පිපුනෙ කියා
සුවද මල් නොඅසතී,,,,,///////

No comments:

Post a Comment