Blogger Widgets

Friday, September 21, 2012

පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොදට
ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට
......................

විරසක් වී රුපුන් ලෙස යුද වදින්නද
කුලුදුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
පෙම් දම් නිසා මිතු දම් බිද දමන්නන්ද
හොද හිත නුබෙ තරම් ලොවකින් ලබන්නද

.......................

දිඩමලු කතා නෑ අද වාඩිය හෙවනේ
නිදි නැති රැය පුරා නුබෙ සුසුමයි ඇසුනෙ
හොර රහසින්ම එක සුවදක් පැතු සදිනේ
නුබවත් නැතිවේද හෙට මට සකි සදුනේ

පලංචියේ ලී ඉරුවේ අපි එකට..........

No comments:

Post a Comment